ද. කොරියාවේ සිට පැමිණි 166ක් මඩකලපුවට

ද. කොරියාවේ සිට පැමිණි 166ක් මඩකලපුවට

by Staff writer 10-03-2020 | 8:50 AM
COLOMBO (News 1st) : මගීන් 166 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ සිට අද අලුයම දිවයිනට පැමිණියේ ය. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කාර්යය භාර කළමනාකරු ප්‍රකාශ කළේ, ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් 02 දෙදෙනෙකු ඒ අතර වන බවයි. එම පිරිස දින 14 ක කාලයක් නිරෝධායනය කිරිම සඳහා බැටික්ලෝ කැම්පස ආයතනය වෙත රැගෙන යෑමට නියමිතයි. ෙ මේ අතර ඉරානය සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් නිරෝධායනයට ලක් කිරීමේ වැඩපිළිවෙළ ද අද සිට ආරම්භ කරන බව සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි. ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේ, මගීන් දහසකට අධික පිරිසක් රැඳවිම සඳහා එම මධ්‍යස්ථාන සුදානම් කර ඇති බවයි.ෙ මේ අතර , පවතින තත්ත්වය තුළ අත්‍යවශ කටයුත්තකට හැර විදෙස් සංචාර අවලංගු කරන්නැයි , ජයනාත් කොළඹගේ මහතා ජනතාවට දැනුම් දෙයි. ඔහු පැවසුවේ , එම ක්‍රියාමාර්ග තුළින් කොරොනා වෛරසය මෙරටට ඇතුළු වීම අඛණ්ඩව පාලනය කළ හැකි බවයි. දකුණු කොරියාව , ඉරානය සහ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් එම රටවල පිහිටි ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාල මගින් පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෛලක් ආරම්භ කර ඇතැයි ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරාල් ජයනාත් කොළඹගේ ප්‍රකාශ කළේ ය.