by Staff writer 10-03-2020 | 7:57 PM
COLOMBO ( News 1st ) - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයෙන් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ගල්ෆ් නිව්ස් ප්‍රවෘත්ති සේවය අද පස්වරුවේ වාර්තා කළේ ය.
ඒ අතර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද සිටී.
ඔවුන් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වී නොමැත.
මොවුන් මේ වනවිට නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇතැයි ගල්ෆ් නිව්ස් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේ ය.