by Staff writer 10-03-2020 | 7:12 AM
COLOMBO (News 1st) : දේශපාලන පක්ෂ 6ක සභාපතිවරුන්ට සහ ලේකම්වරුන් අද ජාතික මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
ඒ පක්ෂ අභ්‍යන්තර අර්බුද සම්බන්ධයෙන් අවධානය යොමු කිරිම සඳහායි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ, ඒ අනුව, අහිල ඉලංගෙයි මහජන කොංග්‍රසය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, එක්සත් ලංකා පොදුජන පක්ෂය, එක්සත් ලංකා මහ සභා පක්ෂය, ලිබරල් පක්ෂ සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලි පෙරමුණ යන පක්ෂ 6 යේ සභාපතිවරුන් සහ ලේකම්වරුන් එලෙස කැඳවා ඇති බවයි.
මේ අතර, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් ද අද පැවැත්වේ.
ඒ ඉදිරි මහ මැතිවරණය පිළීබඳ සාකච්ඡා කිරිම සඳහායි.
මෙහිදී විශේෂ කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කිරිමට නියමිත බව, ජාතික මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 12,000කට අධික සංඛ්‍යාවක් යොදා ගැනීමට නියමිතව තිබේ.
ජාතික මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ, අදාළ මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ග්‍රාම නිලධාරීන් මගින් රැස් කරමින් ඇති බවයි.
එම වාර්තා අනුව, අවශ්‍ය ඉදිරි කටයුතු සුදානම් කරන බව ද, එම කොමිෂන් සභාව සඳහන් කළේ ය.