නිරෝධායනයේදී ගාස්තු අය කිරීමක් නැහැ - යුද හමුදාපති

"නිරෝධායනයට යොමු කරන කිසිවෙකුගෙන් ගාස්තුවක් අය කරන්නේ නැහැ "- යුද හමුදාපති

by Staff writer 10-03-2020 | 11:44 AM
COLOMBO (News 1st) : දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණී පුද්ගලයින් දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා ගාස්තු අය නොකරන බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි. නිරෝධායන කටයුතු සිදු කෙරෙන්නේ යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධවයි.