බොරතෙල් මිල 30% කින් පහතට

1991න් පසු ප්‍රථමවරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 30% කින් පහතට

by Staff writer 09-03-2020 | 11:58 AM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් 30% ක පමණ ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

මෙම වාර්තාගත මිල පහතවැටීම සැලකෙන්නේ 1991 වසරේ ජනවාරි මස 17 වන දිනෙන් පසු බොරතෙල් මිල මෙතරම් වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු ප්‍රථම අවස්ථාව ලෙසයි. ඒ, රුසියාව ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයීම පහතහෙලීම ප්‍රතිකිෂේප කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෞදි අරාබිය සිය බොරතෙල් මිල පහත දැමීමට පියවර ගැනීම මීට හේතුවිය. මේ හමුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක මිලකට අලෙවි කෙරෙන අතර ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 ක මිලකටයි.