ජ'පුර සිසුවෙකු දැඩි සත්කාර ඒකකයට

විශ්වවිද්‍යාලය තුළ වූ සිදුවීමකින් ජ'පුර සිසුවෙකු දැඩි සත්කාර ඒකකයේ

by Staff writer 09-03-2020 | 7:44 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇතිවූ සිදුවීමකින් බරපතල තුවාල ලැබූ කලමනාකරණ පීඨයේ පළමු වසර සිසුවෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

2018 වසරේ උසස් පෙළ විභාගයෙන් Aසමාර්ථ 3 ක විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගෙන මේ වසරේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කලමනාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන පසිදු හිරුෂාන් නමැති සිසුවා මෙලෙස රෝහල්ගත කර තිබේ. ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ සිසුවාගේ හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබන බවයි. එම ශිෂ්‍යයා ශල්‍ය කර්මයකට ද ලක්කර තිබේ. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපතී පරීක්ෂණයක් පවත්වා වගකිය යුත්තන්ට දඬුවම් දෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නිව්ස් ෆස්ට් වෙත පැවසුවේ ය.