by Staff writer 09-03-2020 | 4:08 PM
COLOMBO ( News 1st ) - මෙරටට විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් ලබා දීමට කටයුතු කර තිබේ.
ඒ අනුව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඉල්ලා සිටින්නේ ඔවුන්ට දින 14ක් තම නිවාස තුළම රැඳී සිටින ලෙසයි.
එමෙන්ම ඔවුන්ට විදෙස් සංචාරයන්හි නිරත වීම අවම කරන ලෙසටත් උපදෙස් ලබා දී තිබේ.
එසේම නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙල හෙට උදෑසන පැමිණෙන දකුණු කොරියා ගුවන් යානයේ සිට ආරම්භ කෙරෙන බවත් ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් ලබාදීමට කටයුතු කරන් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කරයි .
ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට පැමිණෙන සියලු මගීන් මේ අනුව හෙට උදෑසන බැටික්ලෝ කැම්පස් සහ කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකරෙනු ඇති.
ඒ පිරිස පෘෂ්ඨීය විෂබීජ හරණයකට ලක් කිරීමෙන් අනතුරුව විශේෂ බස් රථ මගින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
මේ අතර ඉන්දියාවට බලා ගමන් ගන්නා වන්දනා කණ්ඩායම් තාවකාලිව නැවැත්වීම සඳහා බෞද්ධ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දීමක් සිදු කර ඇති බව ද ඒ මහතා පැවසුවේ ය.
ලොව පුරා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය මෙරටට ව්‍යාප්ත වීමෙන් ඇති විය හැකි ව්‍යසනකාරි තත්ත්වයෙන් ආරක්සෂා වීම සඳහා මේ සියලු පියවර ගන්නා බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රකාශ කළේ ය.