රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළට

වසර 7 කට පසු ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළට

by Staff writer 09-03-2020 | 12:37 PM

COLOMBO (News 1st) - ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල වාර්තාගත ලෙසින් ඉහළගොස් තිබේ.

වෙළෙඳපොළ විශ්ලේෂකයන් සඳහන් කළේ, රත්‍රං සඳහා මෙතරම් ඉහළ මිලක් වාර්තා වන්නේ වසර 7 කට පසු බවයි. මේ අනුව ලෝක වෙළෙඳපොළේ රත්‍රං අවුන්සයක් අමෙරිකානු ඩොලර් 1702 යි සත 45 ක් ලෙසයි. කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ ආයෝජකයන් රත්‍රං මිලදීගැනීමට පෙළඹීම රත්‍රං මිල ඉහළ යාමට හේතුවී ඇති බව සඳහන්ය.