බදුල්ලේදී බවුසරයක් සහ බස් රථයක් ගැටෙයි

බදුල්ලේදී බවුසරයක් සහ බස් රථයක් ගැටීමෙන් 7 කට තුවාල

by Staff writer 09-03-2020 | 12:31 PM

COLOMBO (News 1st) -  බදුල්ල, තල්දෙන 9 කණුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ, බවුසරයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙනි. තුවාලකරුවන් බදුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.