කිරිබත්ගොඩ නගරයේ නිවසක ගින්නක්

කිරිබත්ගොඩ නගරයේ නිවසක ගින්නක්

by Staff writer 09-03-2020 | 5:18 PM

COLOMBO ( News 1st ) -  කිරිබත්ගොඩ නගර මධ්‍යයේ නිවසක අද දහවල් ගින්නක් හට ගත්තේ ය.

ගින්න ඇතිවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නොමැති බව අප වාර්තාකරු පැවසුවේ ය. ගින්න මැඩපැවැත්වීමට කොළඹ ගිනි නිවීම් ඒකක‍යේ ගිනි නිවීම් රථ 3ක් යොදවා තිබුණි. පැයකට ආසන්න කාලයක් ගින්න පැතිර ගොස් ඇතැයි ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් සඳහන් කළේ ය. ගින්නෙන් නිවසට දැඩි හානි සිදුව තිබේ.