කටාර් රජ්‍යයෙන් රටවල් 14 කට තාවකාලික තහනමක්

කටාර් රාජ්‍ය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයින් ඇතුළු කර ගැනීම තාවකාලිකව අත්හිටුවයි

by Staff writer 09-03-2020 | 8:24 AM

COLOMBO (News 1st) - අද සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ය.

මෙම රටවල් අතරට අයත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඉතාලිය, ලෙබනනය , නේපාලය, පකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, සිරියාව සහ තායිලන්තයයි. සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඇතුළු රටවල් නවයකට සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කළේ එම රටවලට සිදු කෙරුණු ගුවන් සහ නාවික ගමන්වාර ද නතර කරමිනි. බහරේනය සඳහන් කළේ, සිය ෆෝමියුලා ගෝන්ෆ්‍රී තරගය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වෙන බවයි. කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් සෞදි අරාබියේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල යළි දැනුම් දෙනතුරු වසා දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වූ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන කටීෆ් පළාත ද තාවකාලිකව වසා දමා ඇති බවයි. කටීෆ් පළාතේ සියලුම පොදු සහ පෞද්ගලික ආයතන ද වසාදමා ඇති බව වාර්තා වේ.