එළවළු මිල ගණන් පාලනයට නව වැඩපිළිවෙලක්

එළවළු මිල ගණන් පාලනයට නව වැඩපිළිවෙලක්

by Staff writer 09-03-2020 | 5:08 PM

COLOMBO ( News 1st ) -  එළවළු මිල ගණන් පාලනය කිරීමට නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ, එළවළු මිල ගණන් මේ වනවිට ආර්ථික මධ්‍යස්ථාන මගින් පාලනය කරන බවයි. ඉදිරියේදී එම තත්ත්වය නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ ය. පාරිභෝගික සේවා අධිකාරියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ, ආර්ථික මධ්‍යස්ථාන අනවශ්‍ය ලෙස එළවළු මිල ගණන් ඉහළ දමන බවයි.