එංගලන්තය සමග පුහුණු තරගය ජය පැරදුමෙන් තොරයි

එංගලන්තය සමග පුහුණු තරගය ජය පැරදුමෙන් තොරව අවසන්

by Staff writer 09-03-2020 | 9:22 PM

COLOMBO (News 1st) - සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවති තුන් දින පුහුණු ක්‍රිකට් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගය පැවැත්වුණේ කටුනායකදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 316 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පළමු ඉනිමට සියළු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 245 කි. අශාන් ප්‍රියංජන ලකුණු 77 ක් සහ ලහිරු මිලන්ත ලකුණු 31 ක් රැස් කළේ ය. තරගය අද තුන් වැනි දිනය සඳහා ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 39 කි. සැක් ක්‍රවුලි ලකුණු 91 කට දැවී ගිය අතර ඔලී පෝප් ලකුණු 77 ක් රැස් කළේ ය. දුවිඳු තිලකරත්න සහ කවිෂ්ක අංජුල කඩුලු 2 බැගින් බිඳ හෙළුවේ ය. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට එංගලන්ත කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස් කර ගෙන සිටියේ ය.