වී මිලදී ගැනීමේ මිල ඉහළට

වී මිලදී ගැනීමේ මිල ඉහළට

by Staff writer 08-03-2020 | 9:51 AM

COLOMBO ( News 1st ) - වී මිලදී ගැනීමේ මිල ඉහළ ගොස් ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි.

එහි උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ, රජය විසින් රුපියල් 50 ක මිලකට වී කිලෝ ග්‍රෑමයක් මිලදී ගැනීමත් සමග වෙළෙඳුන් ඒ සඳහා ගෙවන මිල තවදුරටත් ඉහළ නංවා ඇති බවයි. මේ හේතුවෙන් පසුගිය වසරට සාපේක්ෂව වී මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔහු සඳහන් කළේ ය.