by Staff writer 08-03-2020 | 3:24 PM
COLOMBO ( News 1st ) - පවතින වියළි කාලගුණය හේතුවෙන් දෛනික විදුලි අවශ්‍යතාව ගිගාවොට් පැය 47 ඉක්මවා ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය වර්ෂාව පැවති කාල සීමාවේදී එම අගය ගිගාවොට් පැය 35 ක අගයක පැවති බවයි.
පවතින තත්ත්වය සමග විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
මේ අතර මෙගාවොට් 150 ක සුර්යය බල ධාරිතාවක් ලබා ගැනීම සඳහා ටෙන්ඩර් ලබා ගැනීමේ ක්‍රියාවලිය මේ මස අගදී ආරම්භ කරන බව සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.