මැතිවරණ සලකුණු වෙනස් කිරීමට 9 දක්වා අවස්ථාව

මැතිවරණ සලකුණු වෙනස් කිරීමට අවශ්‍ය පක්ෂවලට 9වැනිදා දක්වා අවස්ථාව

by Staff writer 08-03-2020 | 9:01 AM

COLOMBO ( News 1st ) - මැතිවරණ සලකුණු වෙනස් කිරීමට අවශ්‍ය දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒ සඳහා අවස්ථාව පවතින බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ලබන 9 වැනිදා දක්වා ඒ සදහා අවස්ථාව පවතින බවයි. ඉදිරිපත් වන කරුණු සැලකිල්ලට ගෙන සලකුණ වෙනස් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.