by Staff writer 08-03-2020 | 11:55 AM
COLOMBO ( News 1st ) - මාරවිල, උඩබද්දාව මාර්ගයේ මකර තොරණ ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, යතුරු පැදියක් එම දිශාවටම ධාවනය වූ තවත් යතුරු පැදියක ගැටී පසුව ලොරි රථයක ද ගැටී අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනෙකු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මව හා දියණිය වන ඔවුන් දෙදෙනා 54 සහ 21 හැවිරිදි වියේ පසුවූ මීගහපැලැස්ස පදිංචිකරුවන් ය.
අනතුර සිදුකර පලාගිය යතුරු පැදිකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.