උතුරු මාර්ගයේ දුම්රිය පීලි පැනීමක්

පීලි පැනීමක් හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

by Staff writer 08-03-2020 | 4:47 PM

COLOMBO ( News 1st ) -  උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.

ඒ, යාපනය සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රිය තලාව සහ තඹුත්තේගම අතරදී පීළි පැනීමකට ලක්වීම හේතුවෙන් ය. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ඒ හේතුවෙන් කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වන දුම්රිය සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වන දුම්රිය පැය 02ට අධික කාලයක් ප්‍රමාද වී ඇති බවයි. පීළි පැනීමට ලක්වූ දුම්රිය පීළිගත කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි දුම්රිය පාලක මැදිරිය පවසයි.