ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

by Staff writer 08-03-2020 | 7:46 AM

COLOMBO ( News 1st ) -  ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ.

මෙවර එහි තේමාව ඇය දිරිමත් - රට සවිමත් යන්නයි. ජාතික උත්සවය රන්තපුර නව නගර ශාලාවේ පැවැත්වීමට නියමිත ය. මේ අතර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ කාන්තාවට හා ගැහැණු දරුවාට එරෙහි සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය හා වෙනස් කොට සැලකීම සම්පූර්ණයෙන්ම පිටු දකින බවයි. කාන්තාවට ආදායම් උත්පාදනයට සමසේ දායක විය හැකි වටපිටාවක් නිර්මාණය කිරිමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් පෙන්වා දෙයි. ස්වාධීනව තීරණ ගැනීමට හා රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු හෙබවීමට මෙන්ම රටේ දේශපාලන දිශානතිය හැසිරවීමට ශ්‍රී ලාංකික කාන්තාවට ඇති අවස්ථා තවදුරටත් සහතික කර දිය යුතු බව ද ජනාධිපතිතුමා සිය සුබ පැතුම් පණිවුඩයෙන් සඳහන් කළේ ය.