වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

වියළි කාලගුණයෙන් ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා

කර්තෘ Staff writer

08 Mar, 2020 | 2:53 pm

COLOMBO ( News 1st ) – පවතින වියළි කාලගුණය හේතුවෙන් ගම්පහ , කළුතර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක ජල සැපයුමට බාධා එල්ල වී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ආර්.එච්. රුවිනිස් මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාවට බවුසර් මගින් ජලය ලබාදීම ආරම්භ කර ඇති බවයි.

ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඔහු ජනතාවට දැනුම් දෙන්නේය.

වියළි කාලගුණය තවදුරටත් පැවතියහොත් බදුල්ල , මහියංගනය , කුරුණෑගල ඇතුළු ප්‍රදේශ රැසකට ජලය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ද ආර්.එච්. රුවිනිස් මහතා ප්‍රකාශ කළේ ය.

වියළි කාලගුණය හේතුවෙන් යම් ප්‍රදේශයක පානීය ජල ගැටලුවක් ඇතිවුවහොත් ඒ පිළිබඳ තොරතුරු 1939 දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]