by Staff writer 08-03-2020 | 7:50 AM
COLOMBO ( News 1st ) - පොතුවිල් ප්‍රදේශයේ හෝටලයකදී විදේශීය තරුණියකට ලිංගික අපයෝජනයක් කළ සහ තවත් විදේශීය තරුණියකට ලිංගික අපයෝජනයක් කිරිමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එලෙස ලිංගික අපයෝජනයට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික 18 හැවිරිදි තරුණිය මේ වනවිට පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
සැකකරු විසින් ලිංගික අපයෝජනය කිරිමට තැත් කර ඇත්තේද අපයෝජනයට ලක්වූ තරුණියගේ මිතුරියක් වන 19 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියකි.
ඔවුන් ලැඟුම් ගෙන සිටි හෝටලයේ සිට අසල පිහිටි තවත් හෝටලයකට ගොස් පැමිණි අවස්ථාවේ මෙම සිදුවීම සිදුව ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් 28 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.