රජයේ වියදම් පියවා ගැනීමේ බලය භාණ්ඩාගාර ලේකම්ට

රජයේ වියදම් පියවා ගැනීමේ බලය භාණ්ඩාගාර ලේකම්ට

by Staff writer 07-03-2020 | 9:07 AM
COLOMBO (News 1st) : ඉදිරි මාස 3 සඳහා මැතිවරණ වියදම් ඇතුළුව රජයේ වියදම් පියවා ගැනීමට භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකාරි බලපත්‍රය නිකුත් කළේ ය. ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි. රජය විසින් ගෙවීමට ඇති හිඟ බිල්පත් හා අනිකුත් ප්‍රමුඛතාවන්ට වියදම් කිරීමට ඒ අනුව අමාත්‍යාංශවලට හැකියාව ලැබී තිබේ.