පෑලියගොඩට සහ වත්තලට පැය 24 ක ජල කප්පාදුවක්

පෑලියගොඩට සහ වත්තලට පැය 24 ක ජල කප්පාදුවක්

by Staff writer 07-03-2020 | 2:52 PM
COLOMBO (News 1st) : පෑලියගොඩ , වත්තල ඇතුළු ප්‍රදේශ රැසකට ලබන අඟහරුවාදා පෙරවරු 8 සිට පසුදින පෙරවරු 8 දක්වා පැය 24 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව පෑලියගොඩ , වත්තල , ජා - ඇල , කටුනායක / සීදුව නගර සභා බල ප්‍රෙද්ශ , කැලණිය , වත්තල , බියගම , මහර , දොම්පේ , ජා ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රෙද්ශය සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති. විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද විදුලි උප පොළෙහි හදිසි අලුත්වැඩියාවක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ ය.