පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුමක්

පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුමක්

by Staff writer 07-03-2020 | 4:50 PM
COLOMBO (News 1st) : බස්නාහිර, සබරගමුව , දකුණු පළාතට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට හෙට දිනයේ දැඩි උණුසුම් කාලගුණයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව අවධානය යොමු කළ යුතු බවයි. ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම, සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇදුම් භාවිත කිරීම මෙන්ම වැඩිහිටි හා රෝගී පුද්ගලයින් පිළිබද සැලකිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.