by Staff writer 07-03-2020 | 1:04 PM
COLOMBO (news 1st) : ඉදිරි මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ, අද පෙරවරුවේ නීතිඥවරයෙකු මාර්ගයෙන් මැතිවරණ කොමිසමට ඒ බව දැනුම් දුන් බවයි.
එම ලිපියේ දැක්වෙන පරිදි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ දිස්ත්රික්ක 22 සඳහාම, අලියා ලකුණ යටතේ තරග කිරීමට නියමිතව තිබේ.
https://www.facebook.com/NewsfirstSL/videos/163693847923497/