ශ්‍රී ලංකා - කොදෙව් 20යි 20 දෙවැනි තරගය රාත්‍රී 7ට

ශ්‍රී ලංකා - කොදෙව් 20යි 20 දෙවැනි තරගය රාත්‍රී 7ට ඇරඹේ

by Staff writer 06-03-2020 | 6:41 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති තරග 10න් තරග 6ක් ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. තරග 4ක් ජය ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. මෙම තරගාවලියේ පළමු තරගයෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 25ක ජයක් වාර්තා කළේ ය. එම කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ පළමු තරගයට සහභාගී වූ කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇති බවයි. මේ අතර අද තරගය සඳහා ශෙහාන් ජයසූරිය වෙනුවට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති බවට ක්‍රිකට් විචාරයකින් පෙන්වා දෙයි. කෙසේ නමුත් අද තරගයට එක්වන කණ්ඩායම් පිළිබඳව මේ වන තෙක් නිල වශයෙන් නිවේදනය කර නොමැත. තරග දෙකකින් සමන්විත තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට නම් අද තරගය ජය ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමට අනිවාර්යය වේ. අද තරගය රාත්‍රි 7ට ආරම්භ වීමට නියමිතයි.