රවී ඇතුළු 10 දෙනෙකුට වරෙන්තු

රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකුට වරෙන්තු

by Staff writer 06-03-2020 | 5:55 PM

COLOMBO ( News 1st ) - මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද වරෙන්තු නිකුත් කළේ ය.

පළමු සැකකරු ලෙස නම් කර තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට සිතාසි නිකුත් කෙරිණි. නඩුවේ 10 වන සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර නමැත්තාට එරෙහිව නඩුව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව අධිකරණයේදී අනාවරණය විය. නඩුවේ සැකකරුවන් ලෙස නම් කර ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුලුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලෛයි පදුමනාපන් සහ ඉන්දික සමන්කුමාර යන අයයි.