ස්වාධීන කණ්ඩායම් 4 ක් ඇප මුදල් තැන්පත් කරයි

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 4 ක් ඇප මුදල් තැන්පත් කරයි

by Staff writer 06-03-2020 | 6:25 AM
COLOMBO (News 1st) : මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 4 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඊයේ වන්නි දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායම් 3ක් හා යාපනය දිස්ත්‍රික්කය සඳහා ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කළ බවයි. මහමැතිවරණයේදී අපෙක්ෂකයෙකු වෙනුවෙන් තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් 2000 කි. ලබන 19 වැනිදා මධ්‍යාහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමට අවස්ථාව හිමිවේ.