by Staff writer 06-03-2020 | 11:40 AM
COLOMBO (News 1st) : පොලොන්නරුවේ පිහිටි මෙගොඩ චෛත්‍යය කිසියම් පිරිසක් විසින් ඩෝසර් කර ඇතැයි වාර්තා වේ.
මෙගොඩ චෛත්‍යය පිහිටා ඇත්තේ ඕනෑගම සිංහරාජගම වෙත්තකාඩු අමුණ ආසන්නයේයි.
මීට දින කිහිපයකට පෙර මෙම භූමිය ඩෝසර් කර ඇති බව ගම්වැසියෝ ප්‍රකාශ කළහ.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ, පුරාවස්තු සහිත් ස්ථානයක් බව දැන දැනම අදාළ පිරිස මෙම ස්ථානය විනාශ කර ඇති බවයි.
මෙම සිද්ධිය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බව ද ගම්වැසියෝ පවසති.
https://www.facebook.com/NewsfirstSL/videos/503608830572729/