තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම ඇරඹේ

තැපැල් ඡන්ද අයදුම් පත් භාර ගැනීම ඇරඹේ

by Staff writer 06-03-2020 | 10:09 AM
COLOMBO (News 1st) : මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම් පත් භාරගැනීම අදින් ආරම්භ විය. ලබන 16 වැනිදා දක්වා ඒ සඳහා අවස්ථාව හිමිවනු ඇති. තැපැල් ඡන්ද අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියෙන් ලබාගත හැකි වේ. මේ අතර ලබන 19 වන දා මධ්‍යාහ්න 12 දක්වා මහමැතිවරණයට අදාළව ඇප මුදල් තැන්පත් කළ හැකියි. මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් ගණන 4කි.