ලේකම්වරියට වරෙන්තු දීම බලයෙන් පිට ක්‍රියාවක්

ජනපති කොමිසමේ ලේකම්වරියට වරෙන්තු නිකුත් කිරීම බලයෙන් පිට ක්‍රියාවක් - ජනාධිපති කොමිසම

by Staff writer 06-03-2020 | 6:11 PM

COLOMBO ( News 1st ) -  තම කොමිසමේ ලේකම්වරිය අධිකරණය ඉදිරියේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කිරීම හෝ සිතාසි නිකුත් කිරීම පූර්ණ වශයෙන් බලයෙන් පිට ක්‍රියාවක් බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම පවසයි.

එම කොමිසම මේ බව සඳහන් කළේ , කොමිසන් සභාවේ ලේකම් පර්ල්.කේ වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද වරෙන්තුවක් නිකුත් කිරීමෙන් අනතුරුවයි. ලේකම්වරියට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කෙරිණි.