අද සිට අමුත්තන්ට මගී පර්යන්ත යළි විවෘතයි

ගුවන් මගීන් සමග එන අමුත්තන්ට අද සිට මගී පර්යන්ත යළි විවෘතයි

by Staff writer 06-03-2020 | 6:14 AM
COLOMBO (News 1st) : ගුවන් මගීන් සමග පැමිණෙන අමුත්තන් වෙනුවෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී පර්යන්ත, අද සිට යළි විවෘත වේ. ඒ අනුව ගුවන් තොටුපළ පැමිණීමේ සහ පිටවීමේ පර්යන්තවලට, ගුවන් මගියෙකු සමග එක් අමුත්තෙකුට පමණක් පැමිණිය හැකියි. ඒ සඳහා රුපියල් 300 ක ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත යුතු වේ. අදාළ ප්‍රවේශ පත්‍ර කවුළු අද උදෑසන සිට විවෘත කිරීමට නියමිතයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ ආරක්ෂිත පියවරක් ලෙස කටුනායක ගුවන් තොටුපොළේ මගී පර්යන්තයට අමුත්තන් ඇතුළු වීම පසුගිය දා තහනම් කෙරිණ.