කළු ගල් කැණීමේ කර්මාන්තය සඳහා කමිටුවක්

කළු ගල් කැණීම: බදු දීමේ සහ බදු අය කරගැනීමේ රේඛීය ක්‍රමවේදයක් සකස් කිරීමට කමිටුවක්

by Staff writer 06-03-2020 | 4:05 PM

COLOMBO (News 1st) - කළු ගල් කැණීමේ කර්මාන්තය සඳහා බදු දීමේ සහ බදු අය කරගැනීමේ රේඛීය ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ය. ඉඩම් කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුවට ඊට අනුබද්ධ කේෂත්‍රවලට සම්බන්ධ නියෝජිතයින් ඇතුළත් ය. අරලියගහ මන්දිරයේදී රජයේ සහ පෞද්ගලික ඉඩම්වල කළු ගල් කැණීමේ කර්මාන්තයේ නිරතවන්නන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා එම කමිටුව පත් කළේ ය. එහිදී අග්‍රාමාත්‍යවරයා කමිටුවට උපදෙස් දුන්නේ නිර්දේශ ඇතුළත් වාර්තාව සති දෙකක් ඇතුළත භාරදෙන ලෙසයි. අග්‍රාමාත්‍යවරයා එම කමිටුව පත්කර ඇත්තේ බලපත්‍ර සහ බදු මුදල් ගෙවීමේදී රාජ්‍ය ආයතන රැසකට යායුතු බැවින් ඒ පිළිබද විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බව කර්මාන්තකරුවන් පෙන්වා දීම හේතුවෙනි. කළු ගල් කර්මාන්තය මත පැනවෙන බදු මුදල් සමාලෝචනයට ලක්කළ යුතු බවත්, කළු ගල් මිල ඉහළ යාම සංවර්ධන ව්‍යාපෘති සඳහා සෘජුව බලපාන බවත් එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.