පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් මහ මැතිවරණයට

by Staff writer 05-03-2020 | 2:45 PM

COLOMBO (News 1st): මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

අද පැවති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ පිළිබඳව දැනුම් දුන්නේය. https://youtu.be/9C4uTEpGfCQ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඇතුළු පක්ෂ කිහිපයක් මීට පෙර ප්‍රකාශ කළේ නිදහස් පොදුජන සන්ධානය යටතේ මහ මැතිවරණයට තරග කරන බවය. එහෙත්, සුසිල් ප්‍රේමජයන්ත මහතා අද කළ මෙම අනාවරණයත් සමග තහවුරු වන්නේ මහ මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන නමින් ඉදිරිපත්වන බවය. මේ අතර තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙකු බැවින්, ඉදිරි මහ මැතිවරණයේදී එම පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් දේශපාලන රැළි සඳහා සහභාගී වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ජනාධිපති කාර්යාලයේදී අද මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වු අවස්ථාවේදීය.