අධික උෂ්ණත්වය හමුවේ විවිධ රෝග ඇතිවීමේ අවදානමක්

පවතින අධික උෂ්ණත්වය පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතුයි - සෞඛ්‍ය අමාත්‍යාංශය

by Staff writer 05-03-2020 | 7:11 AM

COLOMBO (News 1st) - පවතින අධික උෂ්ණත්වය පිළිබඳ ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, කුඩා දරුවන්, ගැබිණි මව්වරුන්, වයස්ගත පුද්ගලයින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. ඔවුන් විවිධ රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් මතුව ඇතැයි ඔහු පෙන්වා දෙයි.