ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ මූලික ගාස්තුව අඩු කෙරේ

නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ මූලික ගාස්තුව රු. 2500 ක් දක්වා අඩු කෙරේ

by Staff writer 05-03-2020 | 11:35 AM

COLOMBO (News 1st) - නව ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ගෙවිය යුතු මුලික ගෙවීම රුපියල් 2500 ක් දක්වා අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මීට පෙර ජල සම්බන්ධතාවක් ලබා ගැනීමේ මුලික මුදල රුපියල් 8000 ක් ලෙස පැවතියේ ය. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසූවේ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීය. මීට අමතරව කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ වන්නේ, 1. කළුතර බෝධි පරිශ්‍රය පිහිටි ඉඩම් නිදහස් දීමනා පත්‍රයක් මගින් කළුතර බෝධි භාරකාර මණ්ඩලය වෙත ප්‍රදානයක් වශයෙන් ලබාදීම. 2. ගෘහස්ථ පානිය ජල සම්බන්ධතා 150,000 ක් ලබාදීම. 3. නාගරික සංවර්ධන අධිකාරිය සතු ඉඩම් සංවර්ධනය සඳහා වෙන් කිරීම. 4. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට නව තාක්ෂණික කොන්ක්‍රිට් පැනල්වලින් සමන්විත ස්ථිර නිවාස ඉදිකිරීම. 5. රූපවාහිනි හා ගුවන් විදුලි බලපත්‍ර නිකුත් කිරීම නියමානුකුල කිරීම. 6. ජාතික පොහොර ප්‍රතිපත්තියක් සකස් කිරීම. 7. අඩු ආදයම්ලාභීන් සඳහා ආහාර සුරක්ෂිතතාව.