සැලසුම් කළ දුම්රිය වර්ජනය අත්හිටුවයි

Update : මැදියම් රැයෙන් ඇරඹීමට සැලසුම් කළ දුම්රිය වර්ජනය අත්හිටුවයි

by Staff writer 05-03-2020 | 6:31 PM

COLOMBO (News 1st): දුම්රිය රියදුරන් අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට සැලසුම් කළ වැඩ වර්ජනයක් අත්හිටුවා තිබේ.

රියදුරන් මෙම තීරණයට එළැඹ ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. -----------------------------------------------------------------------------------------------------------------------------------------

අද මධ්‍යම රාත්‍රී 12.00 සිට හෙට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා අසනීප නිවාඩු දමා සේවයෙන් ඉවත් වීමට දුම්රිය රියැදුරන් තීරණය කර තිබේ.

දුම්රිය රියැදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ, පසුගිය 03වනදා මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා දුම්රිය රියැදුරන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධයැයි සඳහන් කරමින් කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹි බව ය.