උමාඔය:ගොවීන්ගේ වන්දි ගැන වාර්තාවක් ඉල්ලයි

උමාඔයෙන් වගා හානි වූවන්ට වන්දි ගෙවා ඇති ආකාරය ගැන වාර්තාවක් දෙන්නැයි අධිකරණයෙන් නියෝග

by Staff writer 05-03-2020 | 1:03 PM

COLOMBO (News 1st) - උමාඔය ව්‍යාපෘතිය නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවා ඇති ආකාරය පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට නියෝග කර තිබේ.

මෙම නියෝගය කළේ, ගොවීන් දහස් ගණනකට අසාධාරණයක් සිදුව ඇති බව පෙන්වා දෙමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රංගනාත් දාබරේ මහතා කළ කරුණු දැක්වීම සලකා බලමිනි. ඔහු ප්‍රකාශ කළේ, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව තක්සේරු කළ වන්දි මුදල රජය විසින් ගෙවා නොමැති බවයි. රජය ගොවීන්ට ලබාදී ඇත්තේ ඊට වඩා අඩු මුදලක් බව දාබරේ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ ය. නඩුව ජුලි 20 වැනි දා යළි කැඳවීමට ප්‍රියන්ත ජයවර්ධන, පී. පද්මන් සුරසේන හා යසන්ත කෝදාගොඩ යන විනිසරු මඩුල්ල නියෝග කළේ ය.