by Staff writer 05-03-2020 | 7:28 AM
COLOMBO (News 1st) - විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා වූ ශිෂ්‍ය අත්පොත අද දිනයේ සිට සිසුන්ට ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, එම පොත් අළෙවි සැල්වලින් ලබාගත හැකි බවයි.
එම අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ ද ප්‍රදර්ශනය කර ඇත.
එහි ඇති උපදෙස් හොඳින් අධ්‍යනය කර විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා අයැදුම්පත් ඉදිරිපත් කරන්නැයි මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සිසුන්ට දැනුම් දෙන්නේය.