by Staff writer 05-03-2020 | 7:00 AM
COLOMBO (News 1st) - ඉදිරි මහ මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතය.
අද උදෑසන 9.00 ට එම සාකච්ඡාව පැවැත්වෙන්නේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙනි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට කැඳවා ඇති බවයි.
මහ මැතිවරණයට අදාළ මෙහෙයුම් මැදිරි සෑම පොලිස් කොට්ඨාසයකම සහ පොලිස් ස්ථානවල ස්ථාපිත කර ඇතැයි පොලිස් මූලස්ථානයේ මැතිවරණ කොට්ඨාසය පැවසුවේ ය.
එම කොට්ඨාසය සඳහන් කළේ, ඉදිරි මැතිවරණය පිළිබඳ සැලසුම් දැනුම් දෙන ලෙසට සෑම පොලිස් ස්ථානයකටම උපදෙස්දී ඇති බවයි.