ඔලිම්පික් කල් යයි ද? නොපවත්වයි ද?

2020 ඔලිම්පික් උළෙල කල් දැමීමට ජපානයට අනුමැතිය

by Staff writer 04-03-2020 | 7:54 AM

News 1st - 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසරේ අවසානය දක්වා කල් දැමීමට ජපානයට අනුමැතිය හිමිව තිබේ.

කෙසේ නමුත් ක්‍රීඩා උළෙල කල් දැමූ බවක් තවමත් වාර්තා වන්නේ නොමැත. මේ දිනවල ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයකට පත් ව තිබේ. ඒ, ජපානයෙන්ද ආසාදිතයන් වාර්තාවීමත් සමගය. ක්‍රීඩා උළෙල මේ වසරේ ජූලි 24 වැනි දා සිට අගෝස්තු 9 වැනි දා දක්වා පැවත්වීමට නියමිතව තිබේ. ඔලිම්පික් උළෙල භාර අමාත්‍ය සයිකෝ හෂිමොටෝ පවසන්නේ අවශ්‍ය වුවහොත් මේ වසරේ අවසානය දක්වා ක්‍රීඩා උළෙල කල් දැමීම සඳහා තමන්ට අනුමැතිය හිමි වී ඇති බවයි. කෙසේ නමුත් සැළසුම් කළ පරිදි නියමිත දිනවලදී එම ක්‍රිඩා උළෙල පැවැත්වීමට තම රජය තවමත් උත්සාහ කරන බවට ඇය සඳහන් කළා ය. මේ අතර අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් පවසන්නේ, සාර්ථක ඔලිම්පික් උළෙලක් සඳහා ජපානය හොඳ සූදානමකින් සිටින බවයි.