හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විදෙස්ගත වෙයි

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විදෙස්ගත වෙයි

by Staff writer 04-03-2020 | 10:24 PM
COLOMBO (News 1st) : හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදෙස්ගත වී තිබේ. අද රාත්‍රීයේ ඔහු විදෙස්ගතවී ඇත්තේ, ඩුබායි බලා පිටත්ව ගිය ඊ.කේ. 655 දරණ ගුවන් යානයෙනි. හිටපු අමාත්‍ය රවී කරුනානායක මහතා ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. ඔවුන්ට වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය නිකුත් කෙරෙන්නේ අනිද්දායි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය,, අදාළ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කරන්නැයි, අධිකරණයෙන් ඉල්ලා සිටියා ය.