by Staff writer 04-03-2020 | 4:41 PM
COLOMBO (News 1st) : හැඳල ලාදුරු රෝහල ප්‍රථම නිරෝධායන මධ්‍යස්ථානය බවට පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඉරානය, දකුණු කොරියාව සහ ඉතාලියේ සිට මෙරටට පැමිණෙන මගීන් දින 14 ක් නිරෝධායනයට ලක් කිරීම සඳහා එම මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන බවයි.
කොරොනා වෛසරය පිළිබඳ ජාතික ක්‍රියාකාරී ආරක්ෂක කමිටුව ගත් තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, නිරෝධායන කටයුතු සඳහා හැඳල, ලාදුරු රෝහල ඉතා සුදුසු ස්ථානයක් බවයි.
මෙහිදී නිරෝධානයට ලක් කෙරෙන්නේ රෝගී වූ පිරිස් නොව රෝගී තත්ත්වය නොමැති පුද්ගලයින් බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
ජාසිංහ මහතා සඳහන් කළේ, රඳවා සිටින කාලය තුළ නිරෝධායනයට ලක් කෙරෙන පිරිස්වලට සියලු පහසුකම් ලබාදෙන බවයි.