හල්ගමු කන්දේ ගින්න නිවීමට හෙළිකොප්ටර් යානයක්

හල්ගමු කන්දේ ගින්න නිවීමට හෙළිකොප්ටර් යානයක්

by Staff writer 04-03-2020 | 5:10 PM
COLOMBO (News st) : ගිරිඋල්ල නාරංගමුව, හල්ගමුව කන්දේ හටගත් ගින්න නිවීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙළිකොප්ටර් යානයක් යොදවා තිබේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් දූෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ, අද දහවල් ගින්න නිවීම සඳහා හෙළිකොප්ටර් යානය කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට පිටත් කර යැවූ බවයි. හෙලිකොප්ටර් යානයේ පළමු ගමන්වාරයෙන් ගින්න නිවීමට නොහැකි වීම නිසා අද පස්වරුවේ ද නැවතත් ගින්න නිවීම සඳහා හෙලිකොප්ටර් යානය පිටත් කර යවා තිබේ.