සමගි ජන බලවේගයේ අවසන් තීරණය කුමක් ද?

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ අවසන් තීරණය අද

by Staff writer 04-03-2020 | 9:32 AM

COLOMBO (News 1st) - ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින ලකුණ සම්බන්ධයෙන් අද අවසන් තීරණයකට එළැඹෙන බව සමගි ජන බලවේගය පවසයි.

එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ, ඊට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි. ඒ, හිටපු විපකෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර සමගි ජන බලවේගය ලෙස ඉදිරි මහ මැතිවරණය සඳහා තරග වදින බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඊයේ නිල වශයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේ ය. අද පස්වරුවේ යළි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, එහිදී පක්ෂ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවයි. ඉදිරි මහ මැතිවරණය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරනු ඇති.