සමගි ජන බලවේගයෙන් නිවේදනයක් නිකුත් කරයි

සමගි ජන බලවේගයෙන් නිවේදනයක් නිකුත් කරයි

by Staff writer 04-03-2020 | 10:36 PM

COLOMBO ( News 1st ) - සමගි ජන බලවේගය වෙනුවෙන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා ලබාදීමට ගිය උපාධිධාරී පත්වීම් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී වළක්වා ඇතැයි යනුවෙන් පිළිකුල් සහගත ප්‍රලාපයන් කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් පතුරුවමින් සිටින බවයි. අදාළ අසත්‍ය, බියගුළු ප්‍රකාශ පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන බව පවසන හිටපු විපක්ෂ නායකවරයා සිය නිවේදනයේ සඳහන් කර තිබේ. මෙවැනි අවලාද තුළින් තව තවත් ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා විරෝධය ඉස්මතු වන බව ද නිවේදනයේ සඳහන් වේ.