රත්ගම ද්විත්ව ඝාතනය: සැකකරුවන් 17 දෙනා රිමාන්ඩ්

රත්ගම ද්විත්ව ඝාතනය: සැකකරුවන් 17 දෙනා රිමාන්ඩ්

by Staff writer 04-03-2020 | 4:50 PM
COLOMBO (News 1st) : රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකරුවන් 17 දෙනා ලබන 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා හමුවට අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එලෙස රක්ෂිත බන්ධානාගාරගත කෙරුණේ දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු සහ නව සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකි. රත්ගම, බුස්ස රත්න උදාගම පදිංචිව සිටි ගොනාපිනුවලගේ අසේල මංජුල කුමාර සහ රසික් චින්තක යන දෙදෙනා පසුගිය වසරේ ජනවාරි 23 වැනිදා පැහැරගෙන ගොස් ඝාතනය කර පුළුස්සා දැමීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.