තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන සතියේ

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 9 වැනි දා සිට

by Staff writer 04-03-2020 | 7:07 AM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ලබන 09 වැනි දා සිට 16 වැනි දා දක්වා සිදු කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, පාර්ලිමේන්තු මහ මැතිවරණ පනතට අනුව එම කටයුතු සිදුවන බවයි. අදාළ අයැදුම්පත් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය සේවකයින්ට දැනුම්  දෙන්නේය. මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නියමිතය. නාම යෝජනා කැඳවීම ලබන 12 වැනි දා සිට 19 වැනි දා මධ්‍යහන 12.00 දක්වා සිදු කෙරෙනු ඇති. නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය මැයි මස 14 වැනි දා ලෙස ද ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මෙවර මහ මැතිවරණය පැවැත්වෙන්නේ 2019 ඡන්ද හිමි නාම ලේඛනය අනුවයි.