කැලෑ ගිනි තැබීම් සීඝ්‍රයෙන් ඉහළට

කැලෑ ගිනි තැබීම් සීඝ්‍රයෙන් ඉහළට : වසරේ මේ දක්වා ගිනි තැබීම් 129 ක්

by Staff writer 04-03-2020 | 7:11 AM

COLOMBO (News 1st) - කැලෑ ගිනි තැබීම් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ පමණක් එවැනි ගිනි තැබීම් 129 ක් වාර්තා වී ඇති බවයි. ගිනි තැබීම් හේතුවෙන් මෙරට පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. වනාන්තර ගිනි තබන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැටලීම් ක්‍රියාත්මක බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. මේ අතර හැටන් ප්‍රදේශයේ මරේ සහ ගාඩ්මෝර් දියඇලි දෙක අතර රක්ෂිතයේ හටගත් ගින්න ඊයේ පාලනය කර ඇත. ඉන් අක්කර 5 ක පමණ ප්‍රදේශයකට හානි වී තිබේ.