by Staff writer 04-03-2020 | 10:16 AM
COLOMBO (News 1st) - බස්නාහිර, වයඹ, සඹරගමුව, දකුණු පළාත්වල සහ මන්නාරම හා මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් කාලගුණය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම තත්ත්වය පිළිබඳව වැඩි අවධානය යොමු කළ යුතු බවයි.
එම ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම සෙල්සියස් අංශක 32 - 41 අතර ප්‍රමාණයක පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මෙවැනි අවස්ථාවලදී විජලනය, මස්පිඬු පෙරළීම හා අධික මහන්සිය වැනි තත්ත්වයන් ඇති විය හැකි බැවින් මේ පිළිබඳ වැඩි විමසිල්ලක් දැක්විය යුතු බව ද එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.
එම ප්‍රදේශවල ජනතාව වැඩිපුර ජලය පානය කරන ලෙසත් අධික වෙහෙසකාරී කටයුතුවල නොයෙදෙන ලෙසත් කාලගුණ විදයා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.